Thursday, May 28, 2015

Format කලාට පස්සෙ Software install කර කර ඉන්න කම්මැලිද???



අපේ computer එක format කලාට පස්සෙ අපිට ඕන සොෆ්ට්වෙයාර් ඔක්කොම අයිමත් මුල ඉඳන්ම install කරන්න වෙනවනේ. ඒක වෙලාවකට මහා වදයක්. මොකද ගොඩක් කාලය ගතවෙන වැඩක්නේ. Windows install වෙන අතරෙම අපිට ඕන software ටිකත් install වෙනවා නම් මරු නේද??


අද ගෙනාවෙ අන්න ඒ වැඩේ කරගන්න පුළුවන් software එකක්. හැබැයි ඉතින් මුලින්ම අපිට ඕන software ඔක්කොම දාල ඕන කරන විදියට computer එක ලෑස්ති කරගෙන ඉන්න ඕන. මොකද අපිට restore කරන්න ඕන කරන්නෙ windows වල fresh copy එකක්නෙ. මුලින්ම computer එක format කරල ඕන කරන software ටික ඔක්කොම install කරල Drivers එහෙම දාල තමයි මේ වැඩේ කරන්න පටන්ගන්න ඕන. ඊට පස්සෙ RecImg manager කියන software එක Download කරගන්න. මෙතනින් ඒක ගන්න පුළුවන්. 


දැන් RecImg install කරන්න. ෆොෆ්ට්වෙයාර් එක open උනාම මෙන්න මේ වගේ එකක් තමයි එන්නෙ.






දැන් කරන්න තියෙන්නෙ computer එකේ backup එකක් හදාගන්න එක. Backup එක හැදෙන්න නම් ටිකක් වෙලා යනව. ඒක install කරල තියෙන software මත රඳා පවතිනව. මේකෙන් අපේ operating system එකත් එක්ක install කරපු software , drivers ඔක්කොම backup කරගන්නව. දැන් ඉතින් ඒ backup එක වෙනම තියාගන්න. පස්සෙ ඕන වෙලාවක මේ backup එක restore කරල අපේ computer එක මුල් තත්වෙට ගන්න පුළුවන්. අයිමත් software install කර කර ඉන්න දෙයක් නෑ. ලේසියි නේද.

මේ තියෙන්නෙ තව screen shots ටිකක්








No comments:

Post a Comment