Friday, July 20, 2012

ලේසියෙන්ම Photo Edit කරමු... Photo Scape

අද මම දෙන්න හදන්නෙ ගොඩක් දෙනෙකුට ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයාර් එකක්. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ Photo එක්ක වැඩ කරන අයට. Digital camera වලින් ගන්න photos වල size එක ගොඩක් වැඩියිනෙ. සමහර වෙලාවට අපිට ඒ photos අපිට ඕන ගානට resize කරගන්න වෙන අවස්ථා එහෙමත් එනව. මූණු පොතට photos දාන්න ගියාම තමයි ගොඩක් වෙලාවට ඒ වැඩේ ඕන වෙන්නෙ. Photos ගොඩක් තියෙනවා නම් Photoshop වලින් එක එක resize කරන එක මහ වදයක්නෙ. ඒ වෙලාවට යොදාගන්න හොඳම සොෆ්ට් එක තමයි  Photos cape. මේක නොමිලේ දෙන එකක්. ඒක නිසා serials, cracks හොයන්න ඕන නෑ.

Wednesday, July 4, 2012

කව්ද කැමති Avast Internet Security 7 දාගන්න??????

වයිරස්..... කිව්ව ගමන්ම මතක් වෙන්නෙ අපිව ලෙඩ කරන දෙයක් කියලනෙ. අපිව ලෙඩ කරන වයිරස් වගේම කොම්පියුටර් ලෙඩ කරන වයිරස් එහෙමත් තියෙනව කියල නොදන්න කෙනෙක් නම් හොයාගන්නවත් නැති තරම්.

කොම්පියුටර් වලට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි පරිගණක වයිරස් වලින් ඇතිවෙන ප්‍රශ්න. මොනවද මේ පරිගණක වයිරස් කියන්නෙ????? අපේ අනුදැනුමකින් තොරව විවිධ ආකාරයෙන් එන අනවශ්‍ය වැඩසටහන් වර්ගයක් තමයි. එහෙම වැඩසටහන් ආවම නොයෙක් විදියේ ගැටල ඇතිවෙනව. සමහර වෙලාවට අපේ දත්ත විනාශ කරල දානව, දත්ත වෙනස් කරනව, පරිඝනක උපාංග වලට හානි කරනව, ඒ වගේම අපේ මෘදුකාංග වෙනස් කරමින් වැඩ කරගන්න බැරිවෙන තත්වයට පත්කරනව, ඒ වගේම සමහර වෙලාවට අපේ පෞද්ගලික දත්ත සොරාගන්නත් හැකර්කරුවන් විසින් එවන වැඩසටහනුත් තියෙනව.

එකකින් තව එකකට හරවන්න ඕනද? මෙන්න භාණ්ඩේ... Xilisoft HD Video Converter 7.3.0

ගොඩක් දවසකින් තමයි බ්ලොග් ඒක පැත්තෙ එන්න ලැබුනෙ. අද දෙන්න යන්නෙ ගොඩක් දෙනෙක්ට වටින කියන දෙයක්. සමහර වීඩියෝ තියෙනව අපිට හරියට බලන්න බෑ. මොකද video format එක වෙනස් කියල play කරගන්න බෑ. සමහර වෙලාවට අපිට moobile phone, ipod වගේ එව්වට වීඩියෝ එකක් mp3 එකක් දාගන්න ගියාමත් ප්‍රශ්න එනව. මොකද ඒවට වෙනම video format වලින්නෙ ඉල්ලන්නෙ. ඉතින් අපි මේ ප්‍රශ්න වලට යොදාගන්න විසඳුම තමයි convertor එකක් භාවිතා කරන එක. නමුත් මොනවද මේ වැඩේට යොදාගන්න පුළුවන් හොඳ convertors..???