Wednesday, August 8, 2012

AdSenss හරියන්නෙ නැද්ද? එහෙනම් මෙන්න වෙන හොඳ ක්‍රමයක්....


Internet money කියන්නෙ ගොඩක් දෙනෙක් කරන්න ආස ඒවගේම කරගන්න බැරුව ඉන්න සබ්ජෙක්ට් එකක්. ඒකට තියෙන හොඳම ක්‍රමයක් තමයි ගූගල් එකෙන් දෙන AdSense කියන්නෙ. ඒත් ඉතින් ගූගල් එක්ක ඒක කරගන්න ගොඩක් දෙනෙකුට අමාරුයි නේද? කරන්න ගිහින් ඇනගෙන තියෙනවනෙ. මොකද ගොඩක් දෙනෙක්ට තියෙන්නෙ බ්ලොග් අඩවියක් විතරයි. .com .net .org වගේ හොඳ domain name එකක් එක්ක වෙබ්සයිට් එකක් කරගන්න ටිකක් මහන්සි වෙන්න වගේම ටිකක් වියදම් කරන්නත් වෙනවනෙ. ඒ වගේම සිංහලෙන් විතරක් තියෙන වෙබ් සයිට් දිහාත් AdSense බලන එකත් ගොඩාක්ම අඩුයි. කොටින්ම නැතිම තමයි.
මොකද එයාල බලන්නෙ කඩ්ඩ සයිට් එකක්ම වෙන්න ඕන කියලනේ. අපේ අය ගොඩක් කරන්නෙ සිංහල බ්ලොග්නේ. ඉතින් මොන AdSense ද? තවත් සමහරු එක එක සයිට් වල ඇඩ්ස් ක්ලික් කර කර ඉන්නව. ඒත් ඉතින් මහලොකු ගානක් හොයන්න බෑ නේද? දවසට රුපියල් 2 ක් 3 ක් විතර තමයි ඒත් පුළුවන්. බ්ලොග් කරන අයට නම් අද මම කියන ක්‍රමයෙන් පොඩි ගානක් හොයාගන්න පුළුවන්. මොනවත්ම නැතුව ඉන්නවට වඩා එකත් හොඳයිනේ.

ඒත් ඉතින් නිකම් කරගෙන යන බ්ලොග් එකෙන් කීයක්හරි හොයාගන්න තියෙනව නම් වටිනව නේද? අන්න ඒකට ක්‍රමයක් තමයි මම අද කියන්න යන්නෙ. මේකට මුලින්ම කරන්න ඕන මෙන්න මේ සයිට් එකට ගිහින් රේගිස්ටර් වෙලා free දෙන account එකක් හදාගන්න එක. ඒකට මෙතනින් යන්න. නැත්තම් පහල බැනර් එකක් ක්ලික් කරන්න.



හරි...  දැන් ඔයාල බ්ලොග් එකට ඇඩ්ස් දාගන්න ලෑස්තියි. තව දෙයක් කියන්න ඕන. මේකෙන් ඇඩ්ස් ව්තරක් නෙවෙයි Short URLs එහෙම දාන්නත් පුළුවන්. ඉතින් මේ හැම දේකින්ම කියක් හරි වැඩිපුර හොයාගන්න පුළුවන්.



ඇඩ්ස් දාන්න නම් මුලින්ම ඇඩ්ස් වලට මේ සයිට් එකෙන් දෙන codes ගන්න ඕන. ඒකට කරන්න තියෙන්නෙ අංක 2 විදියට පෙන්නපු තැනින් ගිහින් තමන්ට කැමති සයිස් එකක බැනර් එකක් තෝරලා ඊට අදාල කෝඩ් එක පහලින් copy කරගන්න එක. එහෙම නැත්තම් අංක 5 විදියට පෙන්නපු තැනින් ගිහින් ගන්නත් පුළුවන්.
දැන් ඔයාගෙ බ්ලොග් එකේ design ගිහින් add gadget වලින් ඇඩ්ස් දාන්න කැමති තැනකට gadget එකක් දන්න. එතනින් HTML/java script එකක් gadget එක විදියට තෝරන්න. දැන් මුලින් copy කරගනිපු කෝඩ් එක add කරගන්න හදන gadget එකට past කරල save කරගන්න.

දැන් බ්ලොග් එකට ගිහින් බලන්න ඇඩ්ස් පෙන්නාවි.

ඒ වගේම ඔයා දාන links මේ සයිට් එකෙන් short කරල දාන්න පුළුවන්. එකෙනුත් සල්ලි හොයන්න පුළුවන්. කරන්න තියෙන්නෙ create short url වලට ගිහින් ඔයාගෙ link එක past කරල short URL එකක් විදියට generate කරගන්න එක විතරයි. දැන් එතනින් දීපු short URL එක copy කරගෙන ඔයාගෙ බ්ලොග් එකට add කරගන්න පුළුවන්.

දැන් ඉතින් බ්ලොග් එකට හෝ වෙබ් සයිට් එකට එන අය මේ ඇඩ්ස් ක්ලික් කලොත් ඔයාට සල්ලි ලැබෙනව. Short URL එකක් ක්ලික් කරල ඒ ලින්ක් එකට ගියොත් ඒත් ඔයාට සල්ලි...

වැඩේ හොඳයිනේ. එහෙනම් ඉතින් කරල බලන්න. ආ... කියන්න අමතක උනා... referrals ලා වැඩිපුර එකතු කරගන්න තරමට ඔයාට වාසියි. ඒ කියන්නෙ වැඩිපුර හම්බ කරන්න පුළුවන්. එහෙනම් මම ගියා. පොස්ට් එකෙන් ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල හිතනවා. ලයික් එකක් කොමෙන්ට් එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා...

3 comments:

  1. macho meka karana heti thawa pehedili karannako mata meka tikaka awl karaganna amaru ekai

    ReplyDelete
    Replies
    1. මුලින්ම උඩ තියෙන ලින්ක් එකෙන් මේ සයිට් එකට යන්නකො. ඊට පස්සෙ Register හරි Register Now කියන එකක් ක්ලික් කරල ඔයාගෙ ඊමේල් එක, නම සහ ඉල්ලන දේවල් දීල මේ සයිට් එකේ Register වෙන්න. ඒක තමයි මුලින්ම කරන්න ඕන.
      දැන් ඔයාගෙ බ්ලොග් එකට යන්න. එකට Sign in වෙන්න. දැන් වම් පැත්තෙ තියෙන Layout වලට යන්න. දැන් ඔයාගෙ බ්ලොග් එකේ Layout එක පෙන්නනවනෙ. ඒකෙ තියෙනවනෙ Add a Gadget කියල තැන්. ඔයා කැමති තැනක තියෙන මේ Add a Gadget කියන එකක් ක්ලික් කරන්න.එතකොට වෙනම පොඩි Window එකක් open වෙලා එක එක gadgets පෙන්නනවා. දැන් ඒකෙ පහලට යන්න. එතකොට පහල තියෙනව HTML/java Script කියල Gadget එකක්. අන්න ඒක ඉස්සරහ තියෙන + ලකුණ ක්ලික් කලාම ඔයාට ලැබේවි Configure HTML/JavaScript කියල message box එකක් වගේ එකක්. අන්න ඒකෙ තමයි අපි දාන ඇඩ්ස් වලට අදාල කෝඩ්ස් ටික දාන්න තියෙන්නෙ.

      හරි... දැන් බලමු මේකට ඕන කෝඩ්ස් ගන්නෙ කොහොමද කියල. බ්‍රව්සර් එකේ වෙනම ටැබ් එකක් අරගෙන ity.im සයිට් එකට යන්න. ඒ කියන්නෙ ඔයා අර මුලින්ම Register උන සයිට් එක. දැන් Login ක්ලික් කරල ඔයාගෙ ඊමේල් එකයි Password එකයි දීල ලොග් වෙන්නකෝ. සමහර විට ඔයා කලින් Account එක හදනකොට ලොග් උන නිසා තාමත් ලොග් වෙලාම ඇති.
      දැන් උඩ පින්තූරේ අංක 2 කියල පෙන්නලා තියෙන තැන Ads on my website කියන එක ක්ලික් කරන්නකෝ. දැන් ඔයාට පෙන්නයි Select an add size කියල ඇඩ්ස් වල Size ටිකක්. ඔයා එතනින් කැමති size එකක් select කරන්න. දැන් පහලට යන්න. පහල තියෙනව Basic Ad Code කියල පොඩි Box එකක්. ඒකෙ තියෙනව Ad code එකක්. අන්න එක උඩ ක්ලික් කරල Ctrl + A වලින් ඒ ඔක්කොම Select කරල Copy කරගන්න.

      දැන් හරි... දැන් අපහු අර Gadget වලින් දාගනිපු Configure HTML/JavaScript කියල පොඩි Window එකක් ආවනෙ. අන්න එකට යන්නකො. දැන් අර copy කරගෙන ආව code එක Configure HTML/JavaScript කියන පොඩි වින්ඩෝ එකේ Content කියන තැන past කරන්න. දැන් ඒක save කියන button එක ක්ලික් කරල save කරන්න.

      දැන් හරි. දැන් බ්ලොග් එකට ගිහින් බලන්න. අර Gadget එක දාපු තැන Add එකක් පෙන්නාවි. මම මේකෙ ගොඩක් කිව්වට කරනකොට තේරෙයි පොඩි දෙයක් තියෙන්නෙ කියල. ට්‍රයි කරල බලන්නකෝ.
      අමාරු උනොත් කියන්න. ඊමේල් එක දෙන්න. මම වැඩි විස්තර පින්තූර සමග ඊමේල් එකක් දාන්නම්.

      Delete
    2. ඒ වගේම ඔයාට Short links දාගන්නත් පුළුවන්. ity.im වලට ලොග් උනාම උඩ පින්තූරේ විදියට අංක 3 වශයෙන් පෙන්නන Create short URL වලට යන්න. දැන් ඔයාගෙ බ්ලොග් එකට දාන්න හදන ලින්ක් එක ඒකෙ තියෙන box එකේ past කරල ඉස්සරහ තියෙන Shorten කියන බට්න් එක ක්ලික් කරන්න.දැන් ADD Voice and Audio කියල එකක් අහනවා. ඔයා Audio එකක් දාන්න ඕන නැත්තම් No, Create URL කියන බට්න් එක ක්ලික් කරන්න. දැන් පහලින් පෙන්නාවි Short කරපු URL එක නිල් පාට අකුරෙන් (ity.im/..... වගේ එකක්)දැන් එතන තියෙන copy ක්ලික් කරල හෝ URL එක select කරල copy කරගන්න. ඒක ඔයාගෙ බ්ලොග් එකට ඕන තැන දාන්න. එතකොට කව්රුහරි ඒ ලින්ක් එකට ගියොත් ඔයාට සල්ලි ලැබෙනව. කරල බලන්න. අමාරු නෑ.

      Delete