Saturday, August 4, 2012

නීරෝ ඕනෙම නෑ....

හොඳයි යාලුවනේ අද මම කියන්න යන්නෙ අපිට එදිනෙදා ඕන වෙන වැදගත් සොෆ්ට්වෙයාර් එකක් ගැන. CD එකක් Write කරගන්න භාවිතා කරන සොෆ්ට්වෙයාර් එක මොකද්ද කියල ඇහුවොත් අතිබහුතරයක් දෙනා කියාවි නීරෝ තමයි කියල. ඒත් නීරෝ අලුත් version වල තියෙන හැම function එකක්ම ප්‍රයෝජනයට අරගෙන වැඩ කරන අය නම් හොයාගන්න ගොඩක් අමාරු වේවි. මොකද ගොඩක් දෙනා නීරෝ භාවිතා කරන්නෙ CD write කරන්න විතරනේ. නීරෝ ඉන්ස්ටෝල් කරන්නම ලොකු ධාරිතාවක්‌ වැයවෙනව. කොම්පියුටර් එකත් ටිකක් slow වෙනව. ඒ වගේම වැඩි MB ප්‍රමාණයක් තියෙන නිසා ඩව්න්ලෝඩ් කරන්නත් අමාරුයි, වෙලා යනව. ඒ විතරක් නෙවෙයි active කරන්න crack හොය හොය වද වෙන්නත් ඕන.
මේ crack හදල තියෙන්නෙත් අපිට තියෙන ආදරේට නෙවෙයි. ඒව හදපු පුද්ගලයන්ට ලේසියෙන්ම අපේ computer එකට රිංගන්න මේ අපි දාන crack හරහා පුළුවන්. ඉතින් අපි ඒ වගේ අවධානමක් අරගෙන  ලොකු ධාරිතාවකුත් ඒ වෙනුවෙන් වෙන්කරගෙන අනවශ්‍ය දේවලුත් ඉන්ස්ටෝල් කරගෙන කොම්පියුටර් එකත් මන්දගාමී කරගෙන නීරෝ දාන එකේ තේරුමක් නැහැ කියන එක තමයි මගේ නම් මතය. (ඒත් ඉතින් නිකම් දෙන ඒව භාවිතා කරන්න සමහරු කැමති නෑනෙ.)

එහෙනම් අපිට නීරෝ වෙනුවට භාවිතා කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියෙනවද???

ඇත්තටම නොමිලේ දෙන නීරෝ වගේම වැඩගන්න පුළුවන් කොම්පියුටර් එක slow වෙන්නෙ නැති සොෆ්ට්වෙයාර් ඕනෑතරම් තියෙනව. ඒවායින් එකක් තමයි Ashampoo සමාගමෙන් ලබාදෙන Ashampoo Burning Studio කියන්නෙ. මේකෙ මුදල් ගෙවා ලබාගන්න පුළුවන් version එකකුත් තියෙනව. නමුත් නොමිලේ දෙන version එකෙන් අපිට ඕනෑතරම් වැඩ කරගන්න වැඩිපුරත් එක්ක ඇති. මේක ගැන සමහරු දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්නත් එක්ක තමයි මේ පොස්ට් එක දාන්න හිතුවෙ.

කැමති අය මෙතනින් Ashampoo Burning Studio free version එක ඩව්න්ලෝඩ් කරගන්නකො.

Download Ashampoo Burning Studio free version



දැන් ඉතින් සුපුරුදු පරිදි ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් වෙනකොට අහවි Ashampoo Toolbar එකත් ඉන්ස්ටෝල් කරන්නද කියල. ඒක අයින් කරන්න. නිකම් මොකටද අනවශ්‍ය දේවල් දාගන්නෙ නේද.


දැන් ඉතින් ට්‍රයි කරල බලන්නකෝ කොහොමද කියල. අනිවාර්යයෙන් ඔයාලට ලොකු වෙනසක් තේරේවි. Write වෙන speed එකෙත් පොඩි වැඩි කමක් තේරෙයි. මේක හොඳයි කියල හිතෙනව නම් දිගටම පාවිච්චි කරන්න. පොස්ට් එකෙන් ප්‍රයෝජනයක් උනා නම් ලයික් එකක් කොමෙන්ට් එකක් එහෙම දාල යන්නත් අමතක කරන්න එපා....

No comments:

Post a Comment