Thursday, August 2, 2012

ශබ්ධකෝෂ තුනක් සාක්කුවේ දාගෙන යමු...

මේ දෙන්න යන දේ නම් ගොඩක් දෙනෙකුට විශේෂයෙන්ම ඉංග්‍රීසි ඉගෙනගන්න අයට ඉතාම වැදගත් වෙන දෙයක්. කොටින්ම කියනවා නම් ඉංග්‍රීසි ශබ්ධකෝෂයක්. එකක් නෙවෙයි තුනක්ම. ඉංග්‍රීසි-ඉංග්‍රීසි වගේම ඉංග්‍රීසි-සිංහල ඒවත් තියෙනව. මේව නිකම්ම ඒව නෙවෙයි මොබයිල් ශබ්ධකෝෂ.


 ඉංග්‍රීසි ඉගෙනගන්න ගොඩාක් දෙනෙක් භාවිතා කරන Dictionary එකක් තමයි Oxford Pocket Dictionary කියන්නෙ. අන්න ඒකෙ mobile version එක තමයි මේ දෙන්න හදන්නෙ. දැන් ඉතින් පිටු පෙරල පෙරල වචන හොයන්න ඕන නෑ. කෙලින්ම වචනෙ ගැහුවා තේරුම බලාගත්තා. එච්චරයි. වටිනවා නේද????

මුලින්ම කියන්න ඕන මේව ෆෝන් එකට දාගන්න නම් ෆෝන් එකේ java වැඩකරන්න ඕන. එහෙනම් මුලින්ම Oxford Pocket Dictionary (Mini Dictionary) Mobile Version එක ඩව්න්ලෝඩ් කරගන්නකො.


දැන් දෙන්න යන්නෙ Medical Dictionary එකක්. මේක නම් ගොඩක්ම වටින්නෙ වෛද්‍ය විද්‍යාව හදාරන අයට. මේකත් Oxford එකක්ම තමයි. එහෙනම් ඕන අය Oxford Medical Dictionary එක ඩව්න්ලෝඩ් කරගෙන දාගන්නකෝ.


මේක නම් English – Sinhala ශබ්ධකෝෂයක්. ඉංග්‍රීසි වලින් වචන ටයිප් කලාම සිංහලෙන් තේරුම දෙනවා. එහෙනම් එකත් ගන්නකෝ.


එහෙනම් මම ගියා. පොස්ට් එක වටිනව නම් Like එකක් කොමෙන්ටුවක් දාන්නකෝ...

1 comment: