Thursday, August 2, 2012

කිසි ගින්නක් නැතුව සිංහල Type කරමුද...??? (නොදන්නා අය සඳහා පමණි)

ඔයගොල්ලන් අතරින් ගොඩක් දෙනෙකුට සිංහල ටයිප් කරන්න ඕනවෙන අවස්ථා එහෙම ඇවිත් ඇතිනෙ... සිංහලෙන් බ්ලොග් එහෙම කරන අයට නම් ඉතින් නැතුවම බැරි දෙයක්නේ. ඉතින් මොනවද ඔයාල ඒකට පාවිච්චි කරන ක්‍රම. සමහර අය කෙලින්ම සිංහල fonts දාගෙන ටයිප් කරනව ඇති. ඒත් ඉතින් ඉස්පිලි පාපිලි හල් අකුරු එහෙම ටයිප් කරන්න ගියාම තමයි එපාවෙන්නෙ. මොකද Character map තියාගෙන කරන්න ගියාම එපාවෙනවනේ.


තව සමහරු යුනිකෝඩ් භාවිතාකරනව. ඔය විජේසේකර වගේ යුනිකෝඩ් වගේ ඒව තියෙනවනේ. ඒකත් හොඳ ක්‍රමයක්. තව සමහරු ඒකට වෙනම සොෆ්ට්වෙයාර් භාවිතාකරනව. හැබැයි ඉතින් එතකොට අපි ටයිප් කරන දේවල් Copy past කර කර ඉන්න එකත් මහා කරදරයක්නේ. Online යුනිකේත පරිවර්තක වල එහෙමනේ.

 හොඳයි.. අද මම කියන්න යන්නෙ සිංහල ටයිප් කරද්දී ඔයාලට එන කරදර නැති කරගෙන ඉතාම පහසුවෙන් ඒක කරගන්නෙ කොහොමද කියලා. මේකට ගුගල් සමාගමෙන් නියම විසඳුමක් දීල තියෙනව. ඒක තමයි Google translate input method කියන්නෙ. මේක භාවිතා කරල අපිට සිංහල විතරක් නෙවෙයි තව ගොඩක් භාෂා ටයිප් කරන්න පුළුවන්. .  හැබැයි ඉතින් ඒ භාෂා දන්නවා නම් විතරයි. යුනිකෝඩ් භාවිතා කරන්න පුළුවන් ඕනෑම තැනක මේකෙන් කිසිම අව්ලක් නැතුව සිංහල ටයිප් කරන්න පුළුවන්. ඩව්න්ලෝඩ් කරගන්න අන්තර්ජාල සම්බන්ධයක් ඕන උනාට මේකෙන් ටයිප් කරන්න එහෙම ඕන වෙන්නෙ නෑ. Facebook එකේ චැට් කරන්න Comments දාන්න, ඒ වගේම Ward වගේ සොෆ්ට්වෙයාර් එකක කෙලින්ම සිංහලෙන් ටයිප් කරන්න මේකෙන් අපූරුවට පුළුවන්. කියන්න අමතක උනානේ... මේකට කීබෝඩ් එකේ සිංහල අකුරු දැනගෙන ඉන්න ඕනෙත් නෑ. අපේ sms ටයිප් කරනව වගේ සිංගිරිසියෙන් තමයි ටයිප් කරන්න තියන්නේ. එතකොට යස අපූරුවට සිංහලෙන් ටයිප් වෙනව.

දැන් බලමු කොහොමද අපි මේක install කරගන්නෙ කියල. මුලින්ම මෙන්න මේ ලින්ක් එකෙන් Google ime ඩව්න්ලෝඩ් කරගෙන ඉන්නකෝ.

                                                                  Download Google IME


 මෙතැනදී අපිට ඕන භාෂාව තෝරන්න ඕන. එහෙම කරල ඔය යට තියෙන terms වලටත් agree වෙනව කියල Download කියන එක ක්ලික් කරන්න. දැන් ඩව්න්ලෝඩ් කරගනිපු Setup එක Double click කරල run කරන්න. එතකොට online install වීමක් තමයි වෙන්නෙ. ඒකට පොඩි වෙලාවක් යනව.

වැඩේ ඉවර උනාම Task bar එකේ මෙන්න මේ වගේ එකක් පෙන්නාවි. හරි දැන් සිංහලෙන් ටයිප් කරන්න ඔයා සුදානම්.

දැන් Ward open කරගන්නකො. දැන් Taskbar එකේ තියෙන EN උඩ ක්ලික් කලාම එන මෙනුවෙන් සිංහල තෝරන්න. එහෙම නැත්තම් Alt + Shift ඔබන්න. දැන් වර්ඩ් වල වචනයක් සිංගිරිසියෙන් ටයිප් කරන්නකෝ... උදාහරණයක් විදියට අපි amma කියල ටයිප් කළා කියල හිතමුකෝ. එතකොට ඔයාලට මෙන්න මෙහෙම එකක් දකින්න ලැබෙයි.

දැන් space bar එකෙන් space එකක් තියනකොට සිංහල වචනය ටයිප් වෙලා තියේවි.

මේකෙ තියෙන හොඳ තමයි අපි ටයිප් කරන වචන වලට suggestions දෙන එක. Tab key එක ඔබල ඒ වචන select කරන්න පුළුවන්. ඉංග්‍රීසි සිංහල අතර මාරු වෙන්න ඕන නම් Ctrl + G එකවිට ඔබන්න.

දැන් එහෙනම් හරිනේ. ඇති වෙනකම් සිංහලෙන් ටයිප් කරන්නකෝ... කොමෙන්ටුවක් Like එකක් දාලම යන්න..

1 comment:

  1. වැද්දාගේ අඩවිය...: කිසි ගින්නක් නැතුව සිංහල Type කරමුද...??? (නොදන්නා අය සඳහා පමණි) >>>>> Download Now

    >>>>> Download Full

    වැද්දාගේ අඩවිය...: කිසි ගින්නක් නැතුව සිංහල Type කරමුද...??? (නොදන්නා අය සඳහා පමණි) >>>>> Download LINK

    >>>>> Download Now

    වැද්දාගේ අඩවිය...: කිසි ගින්නක් නැතුව සිංහල Type කරමුද...??? (නොදන්නා අය සඳහා පමණි) >>>>> Download Full

    >>>>> Download LINK Hz

    ReplyDelete