Saturday, April 7, 2012

IDM වාතයක් වෙලාද???

IDM වාතයක් වෙලාද???
බහුතරයක් දෙනා Download කරන්න භාවිතා කරන සොෆ්ට් එක තමයි Internet Download Manager. නමුත් ඒක Active කරගන්න ගියාම තමයි මහ වාතයක් වෙන්නෙ. ක්‍රැක් නම් ඕනෙ තරම් තියෙනව. නමුත් ඒ ගොඩක් ක්‍රැක් වයිරස්ගාඩ් වලින් වෛරස් කියල detect කරගන්නව. කොහොම හරි ක්‍රැක් කරගත්ත කියමුකෝ. බැරිවෙලාවත් update කලොත් එහෙම fake serial number එකක් කියල අල්ලනව. එතකොට ඉතින් කටට හොඳ හොඳ දේවල් එනවනේ. අපේ ගොඩක් දෙනෙක්ට මේ අත්දැකීම ඇති කියල මම හිතනව.


මට ලැබුන IDM වගේ වැඩ ගන්න පුළුවන් free දෙන සොෆ්ට්වෙයාර් එකක්. ඒක තමයි Orbit Download Manager. ඔයාලත් කැමති නම් මේක ට්‍රයි කරල බලන්න. මෙතනින් Download කරගන්න. වෙනද වගේ පුරුදු විදියට install කලාම මේ වගේ inteface එකක් තමයි එන්නෙ.





මේකෙන් youtube වගේ online straem වෙන වීඩියෝ උනත් IDM එකෙන් වගේම කිසිම කරදරයක් නැතුව download කරන්න පුළුවන්. වීඩියෝ එක play වෙනකොට ඒක උඩට mouse එක ගෙනියන්න. එතකොට Getlt කියල එකක් එනව. ඒක ක්ලික් කරල වීඩියෝ ඒක dowwnload කරන්න පුළුවන්.

 

මේකෙ වම් පැත්තෙ තියෙනව software updator කියල එකක්. එකෙන් ඔයාගේ ඉන්ස්ටෝල් කරලා තියෙන සොෆ්ට්වෙයාර්ස් update කරන්නත් පුළුවන්. Tools වල Grab + + වලින් වෙබ් පිටුවක තියෙන ගොඩක් දේවල් download කරන්න පුළුවන්. fonts පවා download කරන්න පුළුවන්.


මේකෙ freferences වලට ගියාම ඔයාලට ඕන විදියට settings හදාගන්න පුළුවන්. freferences වල Antivirus වලට ගිහින් ඔයාට වයිරස්ගාඩ් එකක් දෙන්න පුළුවන්. එකෙන් download කරන දේවල් scan කරනව. 

එහෙනම්  මම හිතනව මේක කාටහරි ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල. මේක IDM හරියන්නෙ නැති අයට හොඳ විසඳුමක් වෙයි කියල හිතනව. මේකෙ තව වැඩ ගොඩක් තියෙනව. හැම එකක්ම කියල දෙන්න ඕන නෑනේ. මේක දාගෙනම ට්‍රයි කරල බලන්න. එහෙනම් අදට ඇතිනෙ. අයිමත් දවසක අලුත් දෙයක් අරගෙන එන්නම්. Comment එකක් දාල යන්න අමතක කරන්නෙපා...

2 comments:

  1. Thanx buddy...Now i can kik IDM bullshit off thanx to ODM. IDM.....! go down down..ODM........ go up up....!

    ReplyDelete