Friday, May 18, 2012
Download Manager එකක් Browser එකටම දාගමුද???
ගොඩක් කාලෙකින් තමයි Blog එක පැත්තෙ එන්න ලැබුනෙ. Exam නිසා හෙල්ලෙන්නවත් ඉඩක් ලැබුනෙ නෑ. අද මම කියන්න යන්නෙ ඔයාලට ගොඩාක් වටිනා දෙයක්. කොහොමද අපි download manager එකක් වෙනම install කරන්නෙ නැතුව අපේ Web browser එකටම දාගන්නේ??? හරිම පොඩි දෙයක් තියෙන්නේ.
Firefox පාවිච්චි කරනව නම් Addon එකක් දාගන්න තියෙන්නෙ. එතකොට කෙලින්ම Download කරන දේවල් Pause කරන්න අයිමත් ඕන වෙලාවට resume කරන්න, ඒ වගේම IDM එකේ වගේ මේකෙත් Segments විදියට Download කරන්න පුළුවන්. IDM එකට crack හොයල එපාවෙලා නම් මේක try කරල බලන්න. මෙතනින් Download කරගන්න. පොඩි කිලෝබයිට් ගානක් තියෙන්නෙ. Firefox වලට කෙලින්ම install කරන්න ඇහුවම install දෙන්න. නැත්තම් xpi file එක download කලා නම් ඒක උඩ Right click කරල open with ---> firefox දෙන්න. දැන් Firefox restart කරන්න. එච්චරයි....
දැන් Download කරනකොට වෙනද වගේ Open with, Save කියල අහනවනේ. බලන්න එකෙම තියෙනවා Downthemall කියල එකක්. ඒක Select කරල Download කරන්න.
වැඩි විස්තර බලාගන්න මෙතනට යන්න https://addons.mozilla.org/en-US/firefox/addon/downthemall/
Addon එකේ icon එක addon bar එකට දාගත්තම ඕන වෙලාවක Download manager එක open කරල resume කරන්නත් පුළුවන්. දාගෙනම වෙනස බලන්නකෝ...
එහෙනම් මම ගියා. මේකෙන් ප්‍රයෝජනයක් උනා නම් කොමෙන්ටුවකුත් දාලම යන්න.. :)
Subscribe to:
Post Comments (Atom)
Thanx bro...I was struggling with my IDM. With this solution i may never need IDM anymore. So once again thnx for ur post.
ReplyDeleteNKR@BARI
Thanks bro...
Delete