සමහර වෙලාවට අපිට අනිත් අයගෙන් හංගල තියන්න දේවල් තියෙනවනේ.අපේ පෞද්ගලික දේවල් අනිත් අය අතට යන්නෙ නැතිවෙන්න හංගන්න ගොඩක් සොෆ්ට්වෙයා තියෙනව. එහෙම හංගල තිව්වට සමහර වෙලාවට ඒ සොෆ්ට්වෙයාර් එකට මොනවහරි අව්ලක් උනොත් එහෙම අපි හංගපු දේවල් අපිට නැතිවෙන්නත් පුළුවන්. ගොඩක් ඒ වගේ loks වලට keys හොයන්න ගියාමත් එපා වෙනවනේ. තව අවාසියක් තමයි එහෙම සොෆ්ට් එකකින් හංගල තිව්වට කව්රුහරි මොනවිදියකින් හරි අපේ password ඒක දැනගත්තොත් හංගපු ඔක්කොම ගන්න පුළුවන්. මොකද ඔක්කොම folders එකම තැන එකම password එකකින් හංගන නිසා.
මම අන්තර්ජාලයේ සැරිසරන වෙලාවක මට ලැබුන මේකට නියම විසඳුමක්. මේක ගත්ත වෙබ් සයිට් ඒක නම් මතක නෑ. මේක ගැන හුඟ දෙනෙක් දන්නවත් ඇති. ඒත් නොදන්නා කීපදෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන නිසා මේක දාන්න හිතුව. හැබැයි මේක වැඩ කලේ නම් Windows7 & Vista වල විතරයි.
කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. කිසිම සොෆ්ට්වෙයා එකක් ඕන නෑ. මුලින්ම note pad ඒක open කරගන්න. දැන් පහල තියෙන ඔක්කොම copy කරගෙන note pad එකේ paste කරන්න.
cls
@ECHO OFF
title Folder Personal
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Personal goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Personal "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set /p "pass=>"
if NOT %pass%==????????? goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Personal
echo Folder unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto UNLOCK2
:FAIL2
echo Invalid password
goto end
:MDLOCKER
md Personal
echo Folder created successfully
goto End
:UNLOCK2
echo Last chance to enter correct password to unlock folder
set /p "pass=>"
if not %pass%==????????? goto FAIL2
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Personal
echo Folder unlocked successfully
:End
දැන් මේකෙ උඩ හරියෙ තියෙන if NOT %pass%==????????? goto FAIL කියන පේලියට යන්නකෝ. ඒකෙ ??????????? කියන තැන ඒක වෙනුවට ඔයා කැමති password එකක් type කරන්න (password 1). දැන් පහලට එන්න. පහල හරියෙ තියෙනව තව ඒ වගේ තැනක්. if not %pass%==????????? goto FAIL2 මෙන්න මෙහෙම. එකෙත් ??????????? වෙනුවට තව password එකක් type කරන්න (password 2). දැන් file name එකට කැමති නමක් දෙන්න .bat කියන exteension එකෙන්. (eg:- lock.bat). Save as tape කියන එකට All Files දෙන්න. දැන් කැමති තැනක සේව් කරන්න.
දැන් ඔක්කොම හරි. දැන් ඒ හදපු file එක උඩ double click කරන්න. එතකොට එතනම හැදෙනව personnal කියල folder එකක්. ඔයාට හංගන්න තියෙන ඔක්කොම ඒ ෆෝල්ඩරේට දාන්න.දැන් අයිමත් අර හදපු lock file එක උඩ double click කරන්න. එතකොට අහනව ෆෝල්ඩර් එක ලොක් කරන්නද කියල. දැන් y අකුර press කරල enter කරන්න. දැන් අර personal කියන ෆෝල්ඩර් එක නොපෙනී යනව. කාටවත් හොයන්න බෑ.
ඔයාට හංගපු ඒව ගන්න ඕන නම් කරන්න තියෙන්නෙ lock file එක double click කරන එක. එතකොට password එක ඉල්ලනව. දැන් ඔයා මුලින් දීපු password 1 දීල enter කරන්න. එතකොට personnal folder එක පෙන්නනව. password 1 වැරදුනොත් password 2 ඉල්ලනව. එතකොට password 2 දෙන්න. ඒකත් වැරදුනොත් close වෙනව.
දැන් හරිනෙ. ඔයාට ඕනේ නම් ඒ වගේ ගොඩක් හදල ෆෝල්ඩරෙන් ෆෝල්ඩරේට වෙන වෙන password දෙන්න පුළුවන්. ඒ වගේම ෆෝල්ඩරේ hide උනාම lock කියන ෆයිල් එක delete කරල දාන්න පුළුවන්. නැත්තම් වෙන තැනක සේව් කරල එතනින් ඩිලීට් කරන්න පුළුවන්. එතකොට කව්රුවත් දන්නේ නෑ එතන හනගපු දෙයක් තියෙනව කියල. ඒව ගන්න ඕන උනාම අයිමත් අර lock එක personnal folder එක තියෙන තැනට දාල open කරන්න පුළුවන්.
මම හිතනව මේකෙන් ඔයාල කීප දෙනෙකුට හරි ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල. එහෙනම් මම ගියා. අලුත් දෙයක් අරන් එන්නම්. කොමෙන්ටුවක් දාල යන්න අමතක කරන්නෙපා....
a maru mchn! thanx honde.....
ReplyDeleteYou're wlcm :)
Delete