Tuesday, March 27, 2012

වද වෙන්නෙ නැතුව subtitles හොයාගන්න

අපි ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ෆිල්ම් එකකට ගැලපෙන Subtitles හොයාගන්න එක. ගූගල් එකෙන් හොයල ගත්තත් සමහර ඒව අපේ ළඟ තියෙන ෆිල්ම් එකට හරියට mach වෙන්නේ නෑ. ගොඩක් slow connections තියෙන අයට තවත් එපා වෙනවනේ. ඉතින් අපි කොහොමද ෆිල්ම් එකකට ගැලපෙනම subtitles ලේසියෙන්ම හොයාගන්නෙ. ඒක තමයි මම අද කියල දෙන්න හදන්නෙ. මේක හරිම ලේසියි. Sublight කියල පොඩි Software එකක් තියෙනව. free දෙන එකක් නිසා keys හොයන්න ඕන නෑ. එහෙනෙම් මෙතනින් Download කරගන්නකෝ.



දැන් පුරුදු විදියටම install කරගන්න තියෙන්නෙ. install කරනකොට download කරන subtitles වල language අහයි. ඒකට ඔයාලට ඕන languages වලට tick marks දාන්න. මම නම් දාන්නෙ english විතරයි. මොකද මට වෙන භාෂාවල් බෑනේ. මේකේ පොඩි අඩුවක් තියෙන්නෙ සිංහල නැති ඒක විතරයි. දැන් සිංහල subtitles තියෙනවනෙ. කමක් නෑ මොකද තාම සිංහල සබ් තියෙන්නෙ ෆිල්ම් ටිකකට විතරයිනෙ.



දැන් බලමු කොහොමද මේකෙන් වැඩ ගන්නෙ කියල. මුලින්ම අන්තර්ජාලයට සම්බන්ධ වෙලා අපි install කරපු sublite කියන software එක open කරගන්න. ඊට කලින් බලමු මේකේ settings කියන tab එක ගැන.

External application for video playbak
මෙතනට දෙන player එකෙන් subtitles ඩව්න්ලෝඩ් කරන්න කලින් film එකත් එක්ක play කරල බලන්න පුළුවන්. install කරනකොටමත් මේක දෙන්න පුළුවන්. ගොඩක් හොඳයි KMPlayer එක දෙනව නම්. එහෙම නැත්තම් වෙන කැමති player එකක් දෙන්න පුළුවන්.
Subtitle download folder
මේකට ගියාම primary location කියන එකට Same folder as video file දෙන්න. එතකොට ෆිල්ම් එක තියෙන තැනටම තමයි subs save වෙන්නෙ.

Subtitle Naming
මේකෙ තියෙනව Subtitle should keep same name as video file when using auto search කියල එකක්. ඒකට tick එකක් දාන්න. ෆිල්ම් එකේ නමින්ම සබ් save වෙන නිසා ෆිල්ම් එක play කලාම නිකන්ම සබ් load වෙනව.

Language
මෙතනින් අපිට download කරන subtitles වල භාෂාව තෝරන්න පුළුවන්.

Subtitles from other sources
මේක වැදගත්. Usage කියන එකට Use always කියල දෙන්න. Search order කියන එකේ තියෙන ඔක්කොම sites වලට tick දාන්න. එතකොට ඒ හැම සයිට් එකකම සබ්ස් තියෙනවද කියල මේකෙන් හොයනව.

Other settings කියන එකේ ඔයාල කැමති විදියට settings හදාගන්න.

දැන් අමතක නොකර උඩ තියෙන save ana apply changes ක්ලික් කරන්න.

දැන් හරි. දැන් Search subtitle කියන tab එකට යන්න. ඒකෙ තියෙනව Criteria for auto search කියල තැනක්. එතනට ඔයාලට සබ් හොයාගන්න ඕන ෆිල්ම් එක තෝරලා දෙන්න. ඊට පස්සෙ Search subtitle කියන button එක ක්ලික් කරන්න. දැන් සබ්ස් තියෙන ඒව හොයල පහලින් පෙන්නනව. එකෙන් ඕන සබ් එක select කරල උඩ තියෙන Download ක්ලික් කලාම ෆිල්ම් එක තියෙන තැනටම සබ්ස් download වෙනව. නැත්තම් Play with subtitle ක්ලික් කල නම් සබ්ස් එක්ක ෆිල්ම් එක play වෙනව. ඒක ගැලපෙනවද කියල බලාගන්න පුළුවන්. නැත්තම් වෙන සබ් එකක් බලන්න.

දැන් ඉතින් subtitles හොය හොයා එක එක සයිට් වල ලතවෙන්න ඕන නෑ. මේකෙන් වෙබ් සයිට් වලට නොයාම සබ්ස් ගන්න පුළුවන් නිසා ගොඩක් slow connections තියෙන අයට වටිනව.
එහෙනම් මම ගියා. ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල හිතනව. එහෙනම් comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා.

2 comments:

  1. This software is really user friendly. Now i need not to rough out with websites. NICE JOB......!

    ReplyDelete