Blender කියන්නෙ Animation හදන අයට 3D Graphic නිර්මාණ කරන අයට පහසුවෙන්ම වැඩ කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්. 3D max, Maya වගේ මිල අධික සොෆ්ට්වෙයාර් ගන්න සල්ලි නැත්තම් මේක තමයි ඒ වැඩේට කියාපු Software එක. මොකද මේක නිකම් දෙන software එකක්. සල්ලි දීල ගන්න ඒවා වගේම මේකෙනුත් ඕනෑම වැඩක් පහසුවෙන් කරගන්න පුළුවන් වෙන විදියට software එක නිර්මාණය කරල තියෙනව.
එහෙමනම් මෙන්න මේ ලින්ක් එකට ගිහින් software එක Download කරගන්නකෝ. Official web site එකෙන්ම Download කරගන්න පුළුවන්. ලොකු Mb ගානක් නෑ.
මේකෙ වැඩ කරන්න ආධුනික අයට tutorials ඕන තරම් අන්තර්ජාලයේ තියෙනව. Google එකේ පොඩි search පාරක් දාල බැලුව නම් ඕන තරම් හොයාගන්න පුළුවන්. Blender official web site එකෙත් tutorials ටිකක් තියෙනව. ඒවා මෙතනින් ගිහින් බලන්න.
No comments:
Post a Comment