පරිඝනක භාවිතා කරන හැමෝටම නැතුවම බැරි දෙයක්නේ USB හරහා දත්ත හුවමාරු කරන pen drives, portable hard disk වගේ දේවල්. නමුත් මේවා හරහා ගොඩක් අනවශ්‍ය කරදරකාරී වැඩසටහන් හෙවත් Computer viruses එන්න පුළුවන් හැකියාව ගොඩක් ඉහලයි. මේ වයිරස් වලින් ගැලවෙන්න තමයි antivirus මෘදුකාංග යොදාගන්නෙ. මේකත් ඒවගේ antivirus software එකක් කිව්වොත් නිවැරදියි.
මේකෙන් පෙන් එකක් පරිඝනකයට සම්බන්ධ කල සැනින් scan කරල වයිරස් තිබුනොත් ඉක්මනින්ම ඉවත් කරනව. ඒවගේම වෙනත් අය තමන්ගෙ අනුදැනුම නැතිව pen එකක් computer එකට සම්බන්ධ කරන එක නවත්තන්නත් මේකෙන් පුළුවන්. Password එකක් දාල තිබුනම ඒ password එක නැතිව කිසිම කෙනෙකුට ඔයාගේ කොම්පියුටර් එකට පෙන් එකක් ගහල දත්ත හොරාගන්නත් බෑ.
ගොඩක් ප්‍රයෝජනවත් වගේම ඉතාම හොඳ සොෆ්ට්වෙයාර් එකක්. තමන්ගෙ computer එකේ වෙනත් virus guard එකක් තිබියදීම මේක දැම්ම කියල slow වෙන්නෙත් නෑ.
No comments:
Post a Comment