Sunday, August 19, 2012

Image හදන්නයි Mount කරන්නයි... Power ISO 4.9



මේක නම් ගොඩක් වටිනාකියන සොෆ්ට්වෙයාර් එකක් තමයි.ඔය ගොඩක් අය iso image එක්ක වදකරනවනේ. ඕනෑම CD DVD image එකක් එක්ක වැඩකරන්න මේක ඔට්ටුයි. ඒ වගේම image එකක් burn කරගන්න, virtual CD ROM drive හදන්න, image mount කරන්න, CD DVD image convert කරන්න, මේ ඕනම වැඩක් කරගන්න නම් ඉතින් මේක කියාපු භාණ්ඩේ. සමහර ගේම් එහෙම ගහන්න CD එකත් දාන්න කියනවනේ. අන්න ඒ වෙලාවට CD එකේ image එකක් මේකෙන් හදල කොම්පියුටරේ දාගෙන, virtual CD ROM එකක් හදල  image එක mount කරගත්තම CD එක ඕන නෑ. විස්තර කරන්න දෙයක් නෑනේ. හැමෝම දන්නව ඇතිනේ ඒව ගැන. එහෙනම් ඉතින් මෙන්න මෙතනින් බාගෙන දාගන්නකෝ.

Saturday, August 18, 2012

වටිනා දේවල් හංගලා තියන්න... Folder Lock 7



අද දෙන්න යන්නෙ හංගන්න දේවල් තියෙන අයට වටිනා දෙයක්. ඒ තමයි Folder Lock 7. කිව්ව ගමන තේරෙනවනේ මේකෙන් කරන වැඩේ. ඉන්ස්ටෝල් කරගෙන password එකක් දුන්නම ඕනෑම ෆෝල්ඩර් එකක් එහෙමත් නැත්තම් එහෙමපිටින්ම partition එකක් ගේමක් නැතුව හංගල දාන්න පුළුවන් තියෙන තැනක්වත් හොයාගන්න බැරිවෙන්න. එහෙනම් ඉතින් වැඩි කතා මොනවටද. මෙන්න ඩව්න්ලෝඩ් කරල දාගන්න.
Download Folder Lock 7

බ්ලොග් එක ගැන අදහසකුත් දාලම යන්න... :)

Monday, August 13, 2012

නැත්තටම නැති උනත් බයවෙන්නෙපා... Wonder share Data Recovery…


වැරදීමකින් හරි අපිට ඕන දෙයක් Shift Delete උනාද? නැත්තම් recycle bin එකෙනුත් delete උනාද? කොහොමද එහෙනම් ඒව අයිමත් අරගන්නේ... මෙන්න තියෙනව නියම භාණ්ඩයක්. කොම්පියුටර් එකෙන් අයින්වෙලාම ගියපු ෆයිල්ස් නැවත ගන්න එහෙමත් නැත්තම් Data recovery කරගන්න මේක නියම සොෆ්ට්වෙයාර් එකක්. මේක සල්ලි වලට ගන්න ගියොත් නම් $40 ක්, ඒ කියන්නෙ රු 4000 කට වැඩිය යනවා.

මන්දගාමී පරිඝනක වලට බෙහෙත්... AVG PC Tune up 10…



කාලයක් තිස්සේ පරිඝනකයක් භාවිතා කරනවිට දන්නෙම නැතුව ගොඩක් පරිඝනකය මන්දගාමී වෙලා කියල ඔයාලට තේරිලා ඇති. ඇයි මෙහෙම වෙන්නෙ. ඒකට ගොඩක් හේතු තියෙනව. System එකේ ඇතිවෙන විවිධ errors, Temporary files වලින් කොම්පියුටරේ පිරී පැවතීම, Registry එකේ ඇතිවෙන දෝෂ, පරිඝනකය තුල වෛරස් වගේ විවිධ විනාශකාරී වැඩසටහන් ක්‍රියාත්මක වීම, Hard disk එකේ bad sectors ඇතිවීම, HDD එකේ fragments විශාල වශයෙන් ඇතිවීම, අනවශ්‍ය ලෙස HDD එක පිරී පැවතීම..... මේ විදියට ගොඩක් හේතු නිසා කොම්පියුටර් එක slow වෙන්න පුළුවන්.

Saturday, August 11, 2012

ඕන විදියකට Icon හදාගන්න IcoFX.v2.1...



මෙන්න තියෙනව නියම භාණ්ඩයක්. අපිට ඕන විදියට එක එක විදියේ Icons අපිටම හදාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්. ගොඩක් දෙනා කැමතියිනෙ එක එක ෆෝල්ඩර් වලට එක එක විදියේ Icons දාගෙන කොම්පියුටරේ ලස්සනට තියාගන්න. ඉතින් අපිට ඕන Icons අපිම හදාගත්ත නම් කාටද ආඩම්බර... ඔයාට ඕන photo එකක් උනත් මේකට දාගෙන ඕන විදියකට edit කරල ඕන size එකකින් icon එකක් හදාගන්න පුළුවන්. කොහොමද ඔයාගෙ photo  එකක් icon එකක් විදියට දාගන්න තියෙනව නම් නේද... එහෙනන් වැඩි කතා ඕන නෑ. මෙතනින් බාගත කරගන්නකො...

අධිවේගයෙන් බාගතකරන්න Internet Download Manager 6.11 Build 8…



ගොඩක් දෙනෙක් ඩව්න්ලෝඩ් කරන්න භාවිතා කරන මෘදුකාංගය තමයි IDM කියන්නෙ. අධිවේගයෙන් ඩව්න්ලෝඩ් කරන්න නම් ඉතින් IDM හැර වෙන මොනවද ඉතින්. මොනතරම් Download Manager තිබුනත් හැමෝම හොයන්නෙ IDM විතරනෙ. එකෙන්ම පේනවනෙ මේකෙ වැඩකිඩ කොහොමද කියල. Youtube වගේ Online stream වෙන videos එහෙම ඩව්න්ලෝඩ් කරන්න මේක ඉතින් කියාපු භාන්ඩේනේ. Internet Download Manager 6.11  Build 8 එක තමයි මම අද දෙන්න යන්නෙ. එහෙනම් ඉතින් වැඩි කතා ඕන නෑනේ. මෙන්න මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න. Patch එකත් ඒකෙම ඇති. ඒකෙන් Patch කරගත්තම ජිවිතකාලෙටම පාවිච්චි කලහැකි.

ඉංග්‍රීසියෙන් වැඩ කරන්න ඉංග්රී සි අකුරු... English Fonts 250ක්...



කොහොමද යාලුවනේ. අදත් ගෙනාවා ගොඩක් වැදගත් වෙන නැතුවම බැරි දෙයක්. කලින් දුන්නනෙ සිංහල ෆොන්ට්ස් මදිනොකියන්න. එහෙනම් දැන්ම බාගන්න ඉංග්‍රීසි ෆොන්ට්ස් ටිකක් දෙන්නම්. මෙතන English Fonts 250 ක් විතර තියෙනව. තව තියෙනව. ඒව පස්සෙ හෙමීට දෙන්නම්කෝ... දැනට මේ ටික ගන්නකො... එහෙනම් ඉතින් බලන් ඉන්නෙ මොකටද. මෙතනින්ඩව්න්ලෝඩ් කරගන්නකො. වැදගත් උනානම් කියල යන්න හොඳේ...

සිංහලයන්ට සිංහල වැඩ වලට සිංහල අකුරු... සිංහල Fonts 500 කටත් වැඩියෙන්..


මෙන්න තියෙනවා සිංහල ෆොන්ට්ස් ගොඩාක්... ගොඩක් අය සිංහල ෆොන්ට්ස් හොයනවනෙ විවිධ වැඩ කටයුතු වලට. මෙතන තියෙනව ඒ වගේ වැඩවලට ඕන කරන ලස්සන ලස්සන සිංහල ෆොන්ට්ස් 500කටත් වැඩිය. ඕන අය මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්නකෝ... වටිනවද නැද්ද කියලවත් කියල යන්න හොඳද... 

Friday, August 10, 2012

ජනෙල 7 අපේ කරගන්න Windows 7 loader Version 3


මේක නම් ගොඩක් දෙනෙක් දන්නා සහ ගොඩක් දෙනෙක් හොයනා දෙයක්. හැමෝටම windows දැම්ම ගමන් ඕන වෙන්නෙ වින්ඩෝස් active කරගන්න ක්‍රමයක්. එකට භාවිතා කරන්න පුළුවන් loader නම් ගොඩක් තියෙනව. මේකත් ඉතා හොඳ තත්වයේ තියෙන එකක්. ඕන කෙනෙක් ඉන්නව නම් ඩව්න්ලෝඩ් කරගෙන වින්ඩෝස් active කරගන්නකෝ...

අන්තර්ජාලයට හොරෙන් යමු... Platinum Hide IP 3.0.7


අද දෙන්න යන්නෙත් අන්තර්ජාලය භාවිතා කරන හැමෝටම ගොඩක් වටිනා දෙයක්. විවිධ පුද්ගලයින් අපේ පරිඝනකයට ඇතුල් වෙලා අපේ දේවල් හොරෙන් ගන්න තියෙන හොඳම මාධ්‍යය තමයි අන්තර්ජාලය කියන්නෙ. ඔව්න්ට දහසකුත් පර්ඝණක අතුරින් අපේ පරිඝනකය හොයාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි IP ලිපිනය. අපි අන්තර්ජාලය තුල සැරිසරන වෙලාවට අපේ IP ලිපිනය හරහා මෙවැනි හැකර් කරුවන්ට පහසුවෙන් අපේ පරිඝනකයට ඇතුල් වෙන්න පුළුවන්.

එහෙනම් කොහොමද අපි මේවායින් ආරක්ෂා වෙන්නෙ?

Wednesday, August 8, 2012

AdSenss හරියන්නෙ නැද්ද? එහෙනම් මෙන්න වෙන හොඳ ක්‍රමයක්....


Internet money කියන්නෙ ගොඩක් දෙනෙක් කරන්න ආස ඒවගේම කරගන්න බැරුව ඉන්න සබ්ජෙක්ට් එකක්. ඒකට තියෙන හොඳම ක්‍රමයක් තමයි ගූගල් එකෙන් දෙන AdSense කියන්නෙ. ඒත් ඉතින් ගූගල් එක්ක ඒක කරගන්න ගොඩක් දෙනෙකුට අමාරුයි නේද? කරන්න ගිහින් ඇනගෙන තියෙනවනෙ. මොකද ගොඩක් දෙනෙක්ට තියෙන්නෙ බ්ලොග් අඩවියක් විතරයි. .com .net .org වගේ හොඳ domain name එකක් එක්ක වෙබ්සයිට් එකක් කරගන්න ටිකක් මහන්සි වෙන්න වගේම ටිකක් වියදම් කරන්නත් වෙනවනෙ. ඒ වගේම සිංහලෙන් විතරක් තියෙන වෙබ් සයිට් දිහාත් AdSense බලන එකත් ගොඩාක්ම අඩුයි. කොටින්ම නැතිම තමයි.

Saturday, August 4, 2012

නීරෝ ඕනෙම නෑ....

හොඳයි යාලුවනේ අද මම කියන්න යන්නෙ අපිට එදිනෙදා ඕන වෙන වැදගත් සොෆ්ට්වෙයාර් එකක් ගැන. CD එකක් Write කරගන්න භාවිතා කරන සොෆ්ට්වෙයාර් එක මොකද්ද කියල ඇහුවොත් අතිබහුතරයක් දෙනා කියාවි නීරෝ තමයි කියල. ඒත් නීරෝ අලුත් version වල තියෙන හැම function එකක්ම ප්‍රයෝජනයට අරගෙන වැඩ කරන අය නම් හොයාගන්න ගොඩක් අමාරු වේවි. මොකද ගොඩක් දෙනා නීරෝ භාවිතා කරන්නෙ CD write කරන්න විතරනේ. නීරෝ ඉන්ස්ටෝල් කරන්නම ලොකු ධාරිතාවක්‌ වැයවෙනව. කොම්පියුටර් එකත් ටිකක් slow වෙනව. ඒ වගේම වැඩි MB ප්‍රමාණයක් තියෙන නිසා ඩව්න්ලෝඩ් කරන්නත් අමාරුයි, වෙලා යනව. ඒ විතරක් නෙවෙයි active කරන්න crack හොය හොය වද වෙන්නත් ඕන.

දහසක් වැඩ එක තැනකින් කරගන්න.... Free Studio

මේක නම් අපේ වැඩ ගොඩක් එකතනකින්ම කරගන්න පුළුවන් සුපිරිම සොෆ්ට්වෙයාර් එකක්.
මේකෙන් කරන්න පුළුවන් වැඩ වලින් ටිකක් කියන්නම්...
  • ·         YouTube Downloader
  • ·         YouTube Convertors

Thursday, August 2, 2012

ශබ්ධකෝෂ තුනක් සාක්කුවේ දාගෙන යමු...

මේ දෙන්න යන දේ නම් ගොඩක් දෙනෙකුට විශේෂයෙන්ම ඉංග්‍රීසි ඉගෙනගන්න අයට ඉතාම වැදගත් වෙන දෙයක්. කොටින්ම කියනවා නම් ඉංග්‍රීසි ශබ්ධකෝෂයක්. එකක් නෙවෙයි තුනක්ම. ඉංග්‍රීසි-ඉංග්‍රීසි වගේම ඉංග්‍රීසි-සිංහල ඒවත් තියෙනව. මේව නිකම්ම ඒව නෙවෙයි මොබයිල් ශබ්ධකෝෂ.

කිසි ගින්නක් නැතුව සිංහල Type කරමුද...??? (නොදන්නා අය සඳහා පමණි)

ඔයගොල්ලන් අතරින් ගොඩක් දෙනෙකුට සිංහල ටයිප් කරන්න ඕනවෙන අවස්ථා එහෙම ඇවිත් ඇතිනෙ... සිංහලෙන් බ්ලොග් එහෙම කරන අයට නම් ඉතින් නැතුවම බැරි දෙයක්නේ. ඉතින් මොනවද ඔයාල ඒකට පාවිච්චි කරන ක්‍රම. සමහර අය කෙලින්ම සිංහල fonts දාගෙන ටයිප් කරනව ඇති. ඒත් ඉතින් ඉස්පිලි පාපිලි හල් අකුරු එහෙම ටයිප් කරන්න ගියාම තමයි එපාවෙන්නෙ. මොකද Character map තියාගෙන කරන්න ගියාම එපාවෙනවනේ.